• සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842
  • සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842

නුගේගොඩ ව්‍යාපාරික සහ වෘත්තිකයින්ගේ එකමුතුව

නුගේගොඩ ව්‍යාපාරික සහ වෘත්තිකයින්ගේ එකමුතුව

නුගේගොඩ නගරයේ පවත්නා යම් යම් ගැටඑ නිරාකරණය කර ගැනීම වෙනුවෙන් නුගේගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රබල සංවිධානයක අවශ්‍යතාව දිගු කලක පටන් අවබෝධ කරගෙන සිටි අප ස්වාමින් වහන්සේ නුගේගොඩ ව්‍යාපාරික භවතුන් සමගත්. සිය දායක පිරිස සමගත් වරින් වර මේ පිළිබද සාකච්ඡුා කරන ලදි. දීර්ඝ සාකච්ඡුා වට කිහිපයක ප‍්‍රතිඵලයක් ලෙස නුගේගොඩ ව්‍යාපාරික ප‍්‍රජාව සමග නොයෙකුත් වෘත්තීන්ට අයත් පිරිස ද සම්බන්ධ කරගෙන පුඑල් සංවිධානයක් ඇති කිරීමට එකගතාව ඇති කරගෙන 2010 ඔක්තෝබර් මස 22 වන දින සිරි ධම්මාරාම විහාරස්ථානයට සැපත් වූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ අතින් නුගේගොඩ සුප‍්‍රසිද්ධ ව්‍යාපාරික දෙපළක් වන සව්සිරි ව්‍යාපාර අධිපති පී. ලොකු කොඩිකාර මැතිතුමන්ට හා සරසවි පොත් ප‍්‍රකාශනාධිපති එච්. ඞී. පේ‍්‍රමසිරි මැතිතුමාටත් ප‍්‍රථම සාමාජිකත්වය පිරිනැමීමෙන් පසු සංකේතාත්මකව නුගේගොඩ ව්‍යාපාරික සහ වෘත්තිකයින්ගේ එකමුතුවේ ආරම්භය සිදු විය. මේ වන විට වසර හතරක් ඉක්මවා ඇති මෙම සංගමය පුඑල් සංවිධානයක් ලෙස ප‍්‍රදේශයට විශාල සේවයක් සපයමින් ව්‍යාපාරික හා වෘත්තික සාමාජික පිරිස 150 ඉක්මවා වර්ධනය වී ඇත. 2014 ‘‘ශ‍්‍රද්ධා’’ නමින් වෙසක් කලාපයක් පවත්වමින් නුගේගොඩ නගරයට විශේෂ අලංකාරයක් ලබාදීමටත් වසර 4 ක කාලය තුළ නුගේගොඩ නගරයේ වෙසක් සැරසිලි සහ විශේෂ වැඩ සටහන් ක‍්‍රියාත්මක කරමින් කටයුතු කරනු ලබන්නේ අප නායක ස්වාමින් වහන්සේගේ සංකල්පයක් මත හා උන්වහන්සේගේ ප‍්‍රධාන අනුශාසකත්වය ඇතිව ක‍්‍රියාත්මක වන එම ව්‍යාපාරික හා වෘත්තික එකමුතුව යි.